Press "Enter" to skip to content

ප්‍රවේසමෙන්.. මත්පැන් බී ත්‍රීරෝද රථ පදවන රියදුරන් හාරදාහක් කොළඹ!

ගඳ වහනය නොවන ආකාරයට මත්ද්‍රව්‍ය භාවිතා කරන ත්‍රිරෝද රථ රියැදුරන් හාරදාහක් පමණ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මගී ප්‍රවාහනයේ යෙදෙන බවට තම සංගමයට තොරතුරු ලැබී ඇතැයි ලංකා ස්වයන් රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මෙම මත්ද්‍රව්‍ය භාවිතා කරන ත්‍රීරෝද රථ රියදුරන්ගේ රථවල ගමන් කිරීම අනතුරුදායක වන අතර වෘත්තීය රියදුරන්ට ද එය බරපතළ ගැටලුවක් බව ද ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්ද ලැබී තිබෙන බව ඔහු ප්‍රකාශ කරයි. බීමත්ව රිය පැදවීමේ යෙදෙන රියදුරන්ට නියම කරන රුපියල් 25000ක දඩය මෙම රියදුරන්ට ද ක්‍රියාත්මක කරන ලෙස තම ජාතික ත්‍රීරෝද රථ සංගමය පොලිසිය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද සභාපති සුනිල් ජයවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *