Press "Enter" to skip to content

පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර ලබාදීමෙන් රුපියල් කෝටි 45 ක පාඩුවක්

පාසල් නිල ඇඳුම් වෙනුවට මෙම වසර සඳහා වවුචර පත් නිකුත් කිරීමේ දී දළ වශයෙන් රුපියල් කෝටි 15 කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි ගණනය අනුව පෙනී යන බව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබයරත්න මහතා ප්‍රකාශ කරයි.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ වවුචර පත් නිකුත් කිරීමේදී වංචාවක් සිදුවී ඇති බවට කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිල්ල පසුගියදා විභාගයට ගත් අවස්ථාවේදීය.

මේ සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී එම්. ගුණසේකර මහතා එදින කැඳවා තිබූ අතර සභාපතිවරයායි ඉහත ප්‍රකාශය කළේ ගණකාධිකාරීවරයාගේ සාක්ෂි අනුව ය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *