Press "Enter" to skip to content

පාසල් ළමුන්ට විකිණීමට සූදානම් වු මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

මෙරට භාවිතය හා අලෙවිකිරීමට තහනම් විෂ මත්ද්‍රව්‍ය ගනයට ගැනෙන ඉන්දියාවෙන් ගෙන්වන ලද එන්සි නම් විෂ මත් කුඩු ටින් 200ක් සමඟ සැකකරුවෙක් අද (14) දහවල් හැටන් නගරයේදී අත් අඩංගුවට ගෙන ඇත.

ප්‍රදේශයේ තරුණ පිරිස හා පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් දිගු කලකසිට සිදුකෙරෙන මෙම ජාවාරම සම්බන්ධව හැටන් අපරාධ ස්ථාන පරික්ෂනාගාරයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂකවරයාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

දිගු කලක සිට මෙම විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ කූට ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති අතර කරවල ප්‍රවාහනය කරන මුවාවෙන් කරවල බහාලුමක අසුරා ප්‍රවාහනය කර තිබේ.

සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *