Press "Enter" to skip to content

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාට සහය දැක්වීමට එස්බී ඇතුළු පිරිසක් සිට ගනිති

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නම් කිරීම සහ මහින්ද රාජපක්ෂ මහතාට නායකත්වය ලබාදීම සඳහා හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනයට තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සහභාගී වීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

තමා ඇතුළු ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම ජාතික මහා සම්මේලනයට සහභාගී වන බවත් එස් බී දිසානායක මහතා ප්‍රකාශ කළේය. හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයට සහභාගි වුවත් එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගන්නා බවද දිසානයක මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *