Press "Enter" to skip to content

බැඳුම්කර චූදිතයින් පොහොට්ටුවේ සන්ධානයට හරස් කපයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති වීමට යන සන්ධානය වළක්වා එය කඩාකප්පල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවට හා එහි වගඋත්තරකරුවන් සමග සම්බන්ධකම් පවත්වන දේශපාලඥයින් පිරිසක් කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

පොහොට්ටුවේ සන්ධානය වළක්වා ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කිරීම එම මෙහෙයුම් එක් අරමුණක් බව ද ඔහු පෙන්වා දෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ ඇතුළු පිරිසක් මේ පිටුපස සිටින දේශපාලනඥයින් බවද ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයක් බිහි වූ පසුව බැඳුම්කර වංචාව සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් පමුනුවන නිසා එවැනි රජයක් බිහි කිරීම වැළැක්වීම මෙම දේශපාලනඥයන්ගේ අරමුණ බවත් ඔවුන් කෙතරම් හරස් කැපුවද එලැබෙන සියලු මැතිවරණ ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *