Press "Enter" to skip to content

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1700 ඉක්මවයි

මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1710 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද(03) දිනයේ මේ දක්වා නව ආසාදිතයින් 27 දෙනෙකු හදුනාගැනීමත් සමඟයි.

ඔවුන්ගෙන් 19 දෙනෙකු කටාර් සිට මෙරටට පැමිණ ඇති අතර තවත් අයෙකු කුවෙට් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටින පුද්ගලයින් බව සඳහන්ය.

සෙසු 7 දෙනා නාවික හමුදා සාමාජිකයින් බව ද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සදහන් කළේය.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 863 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය  ලැබූ මුළු සංඛ්‍යාව 836 ක් වෙයි.

අද දිනයේ ද ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *