Press "Enter" to skip to content

විපක්ෂනායක සජිත් – පක්ෂනායක රනිල්

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස නම්කිරීමට නියමිත බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් මෙන්ම කථානායක කරු ජයසූරිය මහතා හා පැවැති සාකච්ඡාවලින් පසුව  මෙසේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායකවරයා ලෙස පත්කිරීමට නියමිත බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එමෙන්ම පසුගියදා පැවති සාකච්ඡාවකලදී විපක්ෂනායක ධුරය සජිත්ට පක්ෂනායක ධුරය රනිල්ටත් හිමිවන ලෙස එකගතාවයකට පැමණිමට හැකි වූ බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.


Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *