Press "Enter" to skip to content

සියලු චෝදනාවලට ගෝඨාභයම පිළිතුරු දෙයි

සිය ද්විත්ව පුරවැසි භාවයට අදාළ සහතිකය මෙන්ම විදෙස් ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත නීත්‍යානුකූලව ලබාගත් ඒවා බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දේශ විමුක්ති ජනතා පක්ෂයේ විශේෂ මහා සම්මේලනයට අද (30) පස්වරුවේ එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

දේශ විමුක්ති ජනතා පක්ෂයේ විශේෂ මහා සම්මේලනය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වුණි.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් දේශ විමුක්ති ජනතා පක්ෂය සකස් කළ යෝජනාවලිය මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනැමුණි.

https://www.facebook.com/gotabayar/videos/494567408062945/

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *