තමාව ධූරයෙන් නෙරපා හැරීම සදහා විදේශ බලවේග ක්‍රියාත්මක වූ බව බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා පවසනවා.
ඇය සිය පක්ෂ නායකයින් වෙත යැවු ලිපියක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සදහන් කළේ බංග්ලාදේශයට අයත් සාන්ත මාටින් දිවයින ඇමරිකාව වෙත ලබාදී, එහි පාලනය ඇමරිකාව වෙත ලබාදුන්නේ නම් තමන්ට තවමත් බලයේ සිටීමට හැකියාව තිබු බවයි.
”ඇයගේ ප්‍රකාශයේ මෙසේය “මළ සිරුරු පෙරහැර දැකීමට අවශ්‍ය නොවන හෙයින් මම ඉල්ලා අස්වුණා. සිසුන්ගේ මළ සිරුරු උඩින් ඔවුන්ට බලයට පැමිණීමට අවශ්‍ය වුණා, නමුත් මම එයට ඉඩ තිබ්බේ නැහැ, මම අගමැතිකමෙන් ඉල්ලා අස්වවුණා. මම ශාන්ත මාටින් දූපතේ ස්වෛරීභාවය නැති කර ඇමරිකාවට බෙංගාල බොක්ක පාලනය කිරීමට ඉඩ දුන්නේ නම් මට බලයේ රැඳී සිටිය හැකිය. මම මගේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, ‘කරුණාකර රැඩිකල්වාදීන්ට හසු නොවන්න.”
හිටපු අගමැතිට අනුව, ඇමරිකා එක්සත් ජනපදයට මෙම දූපත අවශ්‍ය වන්නේ එහි හමුදා කඳවුරක් ගොඩනැගීමට අවශ්‍ය නිසාය.