Press "Enter" to skip to content

Kubiyo News

හරි අත සොයා දෙන්න… මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් ඉල්ලයි

තමන් කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  කුමන පාර්ශ්වය සමඟ දැයි මැතිවරණ කොමිෂන් සභාව  නීතිපතිවරයාගෙන් ලිඛිතව කරුණු විමසා  අැත.

මේ අනුව නීතිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් තීරණයක් ලැබුණු වහා කොමිෂන් සභාව රැස්වී ඒ ගැන තීරණයක් ගෙන ඒ අනුව කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඉදිරි මැතිවරණ රාජකාරී කටයුතුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  පිළිගත යුත්තේ කුමන පාර්ශ්වය  දැයි ගැටලුවක් මතුවූ හෙයින් නීතිපතිවරයාගේ අදහස විමසීමට කොමිෂන් සභාව මෙසේ තීරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල  සිරිසේන පාර්ශවය, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය සහ මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ශවය වශයෙන් කොටස්  තුනකට මේ වනවිට බෙදී පවතී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශ්වය ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කර සිටින අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා   පාර්ශ්වය සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාටය.  මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ශවය විපක්ෂ නායක සමගි  ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට  සහාය පළ කිරීමට  තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය ඉදිරිපත් කර ඇති ජනාධිපති අපේක්ෂකයා හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාය.

Page 18 of 24
1 16 17 18 19 20 24