Press "Enter" to skip to content

හතුරු යළි බංග්ලාදේශය සමග මිතුරු වන ලකුණු

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විසින් චන්දික හතුරුසිංහට දැනුම්දීමෙන් අනතුරුව ඔහු යළි තම කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් බඳවා ගැනීම සඳහා බංග්ලාදේශයේ ඇස යොමු වී ඇතැයි වාර්තාවේ. ඒ අනුව මේ වන විට බංග්ලාදේශ පුහුණුකරු තනතුරු සඳහා ප‍්‍රධාන පුහුණුකරුවන් සිව් දෙනකුට ආරාධනා කර ඇති අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සහ හතුරුසිංහ අතර ඇතිවී ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ එරට ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් පත්වීමට වැඩි අවස්ථාවක් හතුරුසිංහට ඇතැයි බංග්ලාදේශ විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි. 

 බංග්ලාදේශ නව පුහුණුකරු ධුරය සඳහා ග‍්‍රාන්ට් ෆ්ලවර්, පෝල් ෆබ්‍රේස්, මයික් හෙසන් සහ රසල් ඩොමින්ගෝ යන අයගෙන් එක් අයෙක් බඳවා ගැනීම වෙනුවන් බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය අවධානය යොමුකර තිබිණි. එහිදී ග‍්‍රාන්ට් ෆ්ලවර් සහ පෝල් ෆාබේස් සමග පැවති සාකච්ඡුාවලදී එකඟතාවකට පැමිණීමට බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයට නොහැකි වී තිබේ. එහෙත් දකුණු අපි‍්‍රකාවේ හිටපු පුහුණුකරු රසල් ඩොමින්ගෝ, නවසීලන්තයේ හිටපු පුහුණු කරු මයික් හෙසන් හෝ චන්දික හතුරුසිංහ යන තිදෙනාගෙන් එක් අයෙක් ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා බඳවා ගැනීමට වැඩි අවස්ථාවක් ඇති බවට වාර්තා වේ. එහිදී බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනකු ද හතුරුසිංහ නැවත බඳවා ගැනීම පිළිබඳ සිය කමැත්ත පළකර ඇති අතර ඔවුන් හතුරුසිංහ සමගද මේ පිළිබඳ සාකච්ඡුා කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටී. 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *